ක්වීන්ස්ලන්ඩ් check in අවශ්‍යතා හෙට සිට ලිහිල් කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් check in අවශ්‍යතා හෙට සිට ලිහිල් කෙරේ

ක්වීන්ස්ලන්ඩ් check in අවශ්‍යතා හෙට සිට ලිහිල් කෙරේ

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය අප්‍රේල් 14 බ්‍රහස්පතින්දා අලුයම 1 සිට මත්පැන්හල්, සමාජ ශාලා, කැෆේ සහ අවන්හල් ඇතුළු ස්ථාන සඳහා සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද පුද්ගලයින් සඳහා check in අවශ්‍යතාවය අවසන් කිරීමට නියමිතය.

Theme parks, කැසිනෝ සහ සිනමා ශාලා, මංගල උත්සව, ප්‍රදර්ශන භූමි, කලාගාර, පුස්තකාල, කෞතුකාගාර සහ ක්‍රීඩාංගණ සඳහා ද එම අවශ්‍යතාවය අවසන් වනු ඇත.

කෙසේ වෙතත්, රෝහල්, aged care වැනි අවදානමට ලක්විය හැකි ස්ථාන වෙත පැමිණෙන හෝ රැකියා කරන අය සඳහා එන්නත්කරණ සහ ඇතුල් වීමේ අවශ්‍යතා දිගටම පවතිනු ඇත.

එය පාසල්, childcare, බන්ධනාගාර සහ ගුවන් තොටුපළ ඇතුළු ඉහළ අවදානම් සේවා ස්ථානවල සිටින සේවකයන්ට ද අදාළ වේ.

ඔමික්‍රොන් රැල්ල වික්ටෝරියා ප්‍රාන්තයේ උච්චතම අවස්ථාවට පැමිණි පසු එන්නත් කිරීම සහ සමීප ආශ්‍රිතයින් පිළිබඳ නීති ඉවත් කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

COMMENTS