
පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට නිරෝධායනයකින් තොරව අද සිට නවසීලන්තයට ඇතුලුවිය හැකි වනවා.
ඔවුන් ගුවන් ගමනට පෙර සෘණාත්මක කොවිඩ් පරික්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වනු ඇති.
ඔස්ටේ්‍රලියානුවන්ට අමතරව මහා බ්‍රිතාන්‍ය ජාතිකයන්ටද අද සිට නිරෝධායනයකින් තොරව නවසීලන්තයට පැමිණිය හැකි වනවා.

කොවිඩ් තත්වය හමුවේි වසා දමා තිබූ නවසීලන්ත දේශ සීමා අධියරෙන් අධියර විවෘත කිරීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි මාසයේ සිටයි.
කෙසේවෙතත් ගුවන් සේවක හිගය හමුවේ අද දිනයේදීත් සිඩ්නි ඇතුලු ගුවන් තොටුපළ ගණනාවක දිගු පෝලිම් දක්නට ලැබෙන බව සඳහන්.
