
ශ්‍රී ලංකාව විසින් ඩොලර් බිලියන 51 ක විදේශ ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය ජාත්‍යන්තර පුවත් සේවා රැසක් වාර්තා කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට විදේශීය විනිමය අවසන්වීමෙන් පසු මෙම පියවර අවසාන විකල්පය ලෙස ගෙන ඇතැයි එම වාර්තාවන්හි සදහන්.
ප‍්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාව සිය දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දී ඇති බවයි.

එබැවින් නිරන්තරයෙන් විදුලි ඇනහිටීම සහ ආහාර සහ ඉන්ධන වල උග්‍ර හිගයක් ඇතිව තිබෙන බවද ඔවුන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් පහත දමනු ලැබුවා.
