වැඩිපුර ගාස්තු අය කල බවට ක්වන්ටාස් ට එරෙහිව විමර්ශන

ක්වන්ටාස් ගුවන් සමාගම විසින් ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවියේදී අමතර ගාස්තු අයකර ඇතැයි කියන අනාවරණයක් සම්බන්ධයෙන් ඔස්ටේ‍රලියානු පාරිභෝගික කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් ප්‍රවේශපත්‍ර ලබාගත් මගීන් පිරිසකගෙන් මෙලෙස අමතර මුදල් අය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
එක් වරක් ප්‍රවේශපත්‍ර මිළයට ගෙන එය අවලංගු කර නැවතත් මිළදී ගත් මගීන්ගෙන් ක්වන්ටාස් සමාගම මෙලෙස වැඩිපුර මුදල් අය කර ඇතැයි සඳහන්.
කෙසේවෙතත් එම චෝදනා තරයේ බැහැර කරන බව ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් අවධාරණය කර තිබෙනවා.
ඇතැම් ගුවන් මගීන්ගෙන් ඩොලර් 200 ක් වැනි මුදලක් පවා අමතර ගාස්තු ලෙස අය කර ඇති බවටයි වාර්තා පළවන්නේ.

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »

TikTok වීඩියෝවක් නිසා මෙල්බන් කාන්තාවක් ලොව ජනප්‍රිය වෙයි

මෙල්බන්හි වෙස්ට් ගේට් පාලම මත මෝටර් රථයක ඉදිරිපස අසුනේ රූගත කරන ලද ටික්ටොක් විඩියෝවක් හේතුවෙන් මෙල්බන් කාන්තාවක් ලොව පුරා කතාබහට ලක්ව තිබෙනවා.

Read More »