වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් මගී ප්‍රවාහන නෞකා සඳහා නව රෙගුලාසි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් මගී ප්‍රවාහන නෞකා සඳහා නව රෙගුලාසි

වික්ටෝරියා ප්‍රාන්ත රජයෙන් මගී ප්‍රවාහන නෞකා සඳහා නව රෙගුලාසි

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මගී ප්‍රවාහන නෞකා (Cruise Ships) සඳහා නව රෙගුලාසි පණවා තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 12 ට වැඩි සෑම මගියෙකුම එන්නත් 02 ක් ලබාසිටීම අනිවාර්ය වන අතර නෞකා කාර්ය මණ්ඩලයේ සියල්ලන් මාත්‍රා 03 ක් ලබා සිටීම අනිවාර්ය වනු ඇති.

එන්නත්කරණයට ලක්ව නොමැති වයස අවුරුදු 12 ට අඩු දරුවන් හෝ නිසි වෛද්‍යමය අවසරයක් නොමැති පුද්ගලයන්ටද ගමන් කල හැකි වනවා.

කෙසේවෙතත් එවැන්නන්ගේ ප්‍රතිශතය මගී නෞකාවේ මුලු මගී සංඛ්‍යාවෙන් සියයට 05 නොඉක්මවිය යුතුයි.

නෞකාවට ගොඩවීමට පෙර සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රථිඵලයක් ලැබීම අනිවාර්ය වන අතර රෝග ලක්ෂණ පෙන්නුම් කලහොත් එදිනම තවත් පරීක්ෂණයක් සිදුකල යුතුයි.

නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් සෑම දින 14 කටම වරක් කොවිඩ් පරීක්ෂණයකට ලක්වීමද අනිවාර්ය බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය දන්වා සිටින්නේ.

https://www.9news.com.au/national/victoria-brings-in-new-rules-for-cruise-ship-passengers-and-crew-ahead-of-ban-lifting/ee563638-3760-45dd-a9d0-150f9fc418aa

COMMENTS