2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේදී

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වික්ටෝරියා ප්‍රාන්තයේදී පවත්වන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අද නිල වශයෙන් නිවේදනය කලා.

එහි සමාරම්භක උත්සවය මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අනෙක් සියලු තරග ප්‍රාදේශීය කලාපවල පැවැත්විමට නියමිතයි.

ඒ අනුව Ballarat, Bendigo, Geelong, Gippsland & Shepparton යන ප්‍රදේශවල තරග සංවිධාන කිරීමටත් ක්‍රීඩා ගම්මාන පිහිටුවීමටත් පියවර ගැනෙනු ඇති.

මෙම ක්‍රීඩා තරගාවලිය හරහා වික්ටෝරියා ආර්ථිකයට ඩොලර් බිලියන 03 කට වැඩි මුදලක් හිමිවන අතර පූර්ණ කාලීන රැකියා 600 ක් සහ අර්ධ කාලීන රැකියා 7000 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වන බව අගමැතිවරයා කියාසිටියා.

2006 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වූයේද මෙල්බන් නගරයේදීයි.

https://www.theguardian.com/australia-news/2022/apr/12/regional-victoria-announced-as-host-of-2026-commonwealth-games#:~:text=Victoria%20will%20host%20the%202026,be%20based%20in%20regional%20Victoria.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »