ඉදිරි වසර 05 දී නව රැකියා ලක්ෂ 13 ක් නිර්මාණය කරන බවට අගමැතිගෙන් සහතිකයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉදිරි වසර 05 දී නව රැකියා ලක්ෂ 13 ක් නිර්මාණය කරන බවට අගමැතිගෙන් සහතිකයක්

ඉදිරි වසර 05 දී නව රැකියා ලක්ෂ 13 ක් නිර්මාණය කරන බවට අගමැතිගෙන් සහතිකයක්

ඉදිරි වසර 05 තුළදී නව රැකියා ලක්ෂ 13 ක් නිර්මාණය කරන බවට ස්කොට් මොරිසන් රජය සහතික වනවා.

ශක්තිමත් ආර්ථිකයක් තුළින් ශක්තිමත් අනාගතයක් ගොඩ නැගීම එහි අරමුණ බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කලේ.

කොවිඩ් තත්වය හමුවේ වුවද පසුගිය වසර 03 ක කාලයේදී නව රැකියා ලක්ෂ 19 ක් උත්පාදනයට වත්මන් රජයට හැකිවූ බවයි අගමැති මොරිසන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම කම්කරු පක්ෂ රජය යටතේ පැවති සියයට 5.7 ක විරැකියා අනුපාතය මේ වනවිට සියයට 4 දක්වා අඩු කිරීමට වත්මන් රජයට හැකිවූ බවත් අගමැතිවරයා සිහිපත් කරනවා.

කොවිඩ් හමුවේ අහිමිවූ රැකියා නැවත ලබාගැනීමේදී අමෙරිකාව – බ්‍රිතාන්‍යය – කැනඩාව වැනි සෙසු සංවර්ධිත රටවලට වඩා ඔස්ටේ්‍රලියාව පෙරමුණේ පසුවන බවද අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කර තිබෙනවා.

COMMENTS