සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය පහසු කරවීමට ලේබර් පක්ෂයෙන් පොරොන්දුවක්

තමන් ඉදිරි මහ මැතිවරණය ජයගතහොත් ඔස්ටේ්‍රලියාවේ සංක්‍රමණ වැඩසටහන ප්‍රතිසංස්කරණය කරන බවට ලේබර් පක්ෂය පොරොන්දුවක් දී තිබෙනවා.

එහිදී ස්ථිර සංක්‍රමණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවයි ඔවුන් නිවේදනය කලේ.

විදෙස් ශ්‍රමිකයින්ට මෙරට ස්ථිර පදිංචිකරුවන් වීම පහසු කිරීමට අවශ්‍ය බව කම්කරු පක්ෂය පෙන්වා දෙනවා.

එම ක්‍රියාවලිය සංකීර්ණ නොවන පහසු එකක් විය යුතු බවයි ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ.

තාවකාලික වීසා බලපත්‍ර මත සිටින සැලකිය යුතු පිරිසක් බොහෝ රැකියාවලදී ශ්‍රම සූරා කෑමකට ලක්වන බව සඳහන්.

මෙම සූරා කෑම නැවත්වීමට තම සංක්‍රමණ ප්‍රතිසංස්කරණ හරහා අපේක්ෂා කරන බව කම්කරු පක්ෂ නායක සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »