විපක්ෂ නායකට විරැකියා අනුපාතය සහ RBA cash rate නිවැරදිව නම් කරන්න බැරිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

විපක්ෂ නායකට විරැකියා අනුපාතය සහ RBA cash rate නිවැරදිව නම් කරන්න බැරිවෙයි

විපක්ෂ නායකට විරැකියා අනුපාතය සහ RBA cash rate නිවැරදිව නම් කරන්න බැරිවෙයි

විරැකියා අනුපාතය සහ RBA cash rate නිවැරදිව නම් කිරීමට නොහැකිවීම පිළිබඳ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ට චෝදනා එල්ලවනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේදී ඊට නිසි ලෙස පිළිතුරු සැපයීමට ඔහු අපොහොසත් වී තිබෙනවා.

විරැකියා අනුපාතය සියයට 5.4 ක් ලෙස පවතින බවටයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

එහෙත් එහි සැබෑ අගය සියයට 04 ක්.

එමෙන්ම RBA cash rate ද නිස ලෙස නම් කිරීමට ඇන්තනී ඇල්බනීස් ට හැකියාවක් ලැබී නැහැ.

කෙසේවෙතත් අද පෙරවරුවේ පැවති වෙනත් වැඩසටහනකදී අගමැති ස්කොට් මොරිසන්ගෙන්ද මෙම ප්‍රශ්න 02 ම විමසූවිට ඔහු ඊට නිවැරදිව පිළිතුරු සපයා තිබෙනවා.

ඒ අනුව මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු පළමු පසුබෑම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස්ට අත්වන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

COMMENTS