
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර ද හමුවක් පැවැත්වුණා.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදීයි.
මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
ජනාධිපතිවරයා සහ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනෙකු අතර සාකච්ඡාවක්ද ඊයේ රාත්‍රියේ පවත්වා තිබුණා.
