
දේශපාලනය හමුවේ ජනතාව දැඩි වෙහෙසකට පත්ව ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
එහෙත් මැතිවරණයට සහභාගී වී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින ලෙසයි ඔහු සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ.
ෆෙඩරල් මැතිවරණය මැයි 21 වනදා පවත්වන බවට නිල නිවේදනය නිකුත් කරමින් කැන්බරා අගනුවරදී ඔහු මේ බව ප්‍රකාශ කලා.

ගතවූ වසර කිහිපය තුළ සිය පාලනය යටතේ ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය ශක්තිමත් කල බවද ලේබර් පක්ෂය බලයට පැමිණියහොත් එය දුර්වල වන බවටද අගමැති මොරිසන් මෙහිදී අනතුරු අගවා සිටියා.
තම රජය සියයට සියයක් වැරදි නොතිබූ රජයක් නොවන බවත් ඔහු සඳහන් කර සිටියා.
