
ඔස්ටේ්‍රලියාවේ ෆෙඩරල් මැතිවරණය මැයි 21 වනදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කරන ලද නිවේදනයක ඒ බව සඳහන්.
මේ අනුව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා දේශපාලන පක්ෂවලට දින 41 ක කාලයක් හිමිවනවා.

එනම් පාස්කු දිනය හා ANZAC දිනය ද එම කාලසීමාව තුළ යෙදී තිබෙනවා.
විපක්ෂ ලේබර් පක්ෂයට ඉදිරි මැතිවරණයේදී ජය හිමිවනු ඇති බවටයි මේ දක්වා සිදුකල පූර්ව මත විමසුම් ගණනාවකින් අනාවරණය වූයේ.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා අගමැතිවරයා විසින් පුද්ගලිකවම ආණ්ඩුකර ජනරාල්වරයා හමුවිය යුතු වනවා.
පසුව ආණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ නිල දැනුම්දීම සකස් කරනවා.