
අගමැති ස්කොට් මොරිසන් කැන්බරා නුවර Government House වෙත පැමිණ තිබෙනවා.
එහිදි ආණ්ඩුකාර ජනරාල්වරයා හමුවීමෙන් පසු ෆෙඩරල් මැතිවරණය කැඳවන ලෙස ඔහු විසින් ඉල්ලීමක් කිරීමට නියමිතයි.
ඔස්ටේ්‍රලියානු නීතියට අනුව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා අගමැතිවරයා විසින් පුද්ගලිකවම ආණ්ඩුකර ජනරාල්වරයා හමුවිය යුතු වනවා.

පසුව ආණ්ඩුකාරවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට අදාළ නිල දැනුම්දීම සකස් කරනවා.
අනතුරුව පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අගමැති මොරිසන් විසින් මැතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති.

බොහෝ දුරට මැයි 14 හෝ 21 යන දින දෙකෙන් එකකදී මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.