
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමට තමා ඇතුලු නියෝජිත පිරිසක් ලබන 18 වනදා අමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යන බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා මූල්‍ය සහ නීතිමය උපදේශකයන් තෝරා ගැනීම ඉදිරි දින 21 තුළදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
ඉදිරි මාස 06 තුළදි ඉන්ධන මිළ සහ බදු වැඩි කරන බවත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්ට අදාළ ප්‍රතිසංස්කරණයට බලාපොරොත්තු වන බවත් අලි සබ්රි සඳහන් කලා.

මෙම තීරණ ජනප්‍රිය ඒවා නොවුනද වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අකමැත්තෙන් වුවද සිදුකල යුතුව ඇතැයි මුදල් අමාත්‍යවරයා කියාසිටියා.
ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් අපේක්ෂා කරන බවයි අලි සබ්රි අනාවරණය කලේ.

ඊට අමතරව චීනයෙන් තවත් ඩොලර් බිලියන එකහමාරක ණය පහසුකමක් සහ ඩොලර් බිලියන 01 ක ණයක් ලබාගැනීම කෙරෙහිද අවධානය යොමුකර ඇති බව මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
අත්‍යවශ්‍ය ආහාර – ඉන්ධන සහ ඖෂධ මිළදී ගැනීම වෙනුවෙන් තවත් ඩොලර් බිලියන 03 ක පමණ විදේශීය ආධාර අවශ්‍යව ඇති බවයි මෙහිදී අනාවරණය කෙරුණේ.
ඉන්ධන – ගෑස් සහ ඖෂධ සැපයුම යථා තත්වයට පත්කිරීම මූලික අපේක්ෂාව බවද මුදල් අමාත්‍ය අලි සබ්රි සඳහන් කර තිබෙනවා.