
මධ්‍යම රජය විසින් කොවිඩ් වසංගතය කළමණාකරණය කල ආකාරයේ සාර්ථකත්වය හමුවේ ජීවිත 40,000 ක් පමණ ආරක්ෂා කරගත හැකිවූ බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
එමෙන්ම රැකියා ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක්ද රැක ගැනීමට හැකිවූ බවයි ට්විටර් ගිණුමට වීඩියෝවක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කලේ.
දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරන්නේ අද දිනයේදී ෆෙඩරල් මැතිවරණය කැඳවීමේ පූර්ව ඉගියක් ලෙස මෙම වීඩියෝව නිකුත් කර ඇති බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් දැඩි අප්‍රසාදය පළකරනවා.
මොරිසන් අගමැතිවරයා සිදුකරන්නේ දිනෙන් දින ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමක් බවටයි ඔහු චෝදනා කලේ.
