ෆෙඩරල් මැතිවරණය අද කැඳවනු ඇති බවට අනාවැකි – AusLanka TV – Australian News for the Sri Lankan community

ෆෙඩරල් මැතිවරණය අද කැඳවනු ඇති බවට අනාවැකි

ෆෙඩරල් මැතිවරණය අද කැඳවනු ඇති බවට අනාවැකි

ෆෙඩරල් මැතිවරණය කැඳවීම බොහෝ දුරට අද දිනයේදී සිදුවනු ඇති බවට 9 News වෙබ් අඩවිය අනාවැකි පළකරනවා.

දේශපාලන විචාරකයන් කිහිප දෙනෙකු උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කර ඇත්තේ.

අගමැති මොරිසන් විසින් ඊයේ පස්වරුව වනවිට මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කර අවසන් කර ඇති බවද ලිබරල් පක්ෂය බ්‍රිස්බන් නුවර පිහිටා ඇති පක්ෂ කාර්යාලය වෙත මාරුවීම ආරම්භ කර ඇති බවද සඳහන්.

එමෙන්ම ආණ්ඩුකාර ජනරාල්වරයා කැන්බරා අගනුවරට හදිසියේ පැමිණීමද තවත් සාධකයක් ලෙසයි 9 News වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

මැයි 14 හෝ 21 යන දින දෙකෙන් එකකදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://9now.nine.com.au/a-current-affair/aca-when-will-the-federal-election-be-called/54f09945-c67e-482a-b170-da5f0676b84f

COMMENTS