
තවත් වසර 07 ත් 08 ත් අතර කාලයක් යනවිට ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් වාසය කරන නගරය බවට මෙල්බන් පත්වනු ඇති බව නවතම අධ්‍යයනයක් අනාවරණ කර තිබෙනවා.
ඒ වනවිට මෙල්බන් ජනගහණය ලක්ෂ 58 ඉක්මවා යනු ඇති බව සඳහන්.
දැනට මෙල්බන් ජනගහණය පවතින්නේ ලක්ෂ 51 කට ආසන්නව වන අතර සිඩ්නි නගරයේ ජනගහණය ලක්ෂ 53 ඉක්මවාගොසද් තිබෙනවා.

කොවිඩ් වසංගතයත් සමග මෙම නගර දෙකම අතහැර වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වූ පිරිස කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර ඒ අනුව ගතවූ මාස 12 තුළ මෙල්බන් නගරයෙන් පිටත්ව ගොස් ඇති පුද්ගලයන් ගණන 60,000 ක් පමණ වනවා.
කෙසේවෙතත් මෙම තත්වය වෙනස් වී ඉදිරියේදී සංක්‍රමණිකයන් ඇතුලු විශාල පිරිසක් සිය පදිංචිය සඳහා මෙල්බන් තෝරාගැනීම ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
