වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය නිසා මාස 06 කදී පුද්ගල මරණ 12 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය නිසා මාස 06 කදී පුද්ගල මරණ 12 ක්

වික්ටෝරියා ගිලන් රථ ප්‍රමාදය නිසා මාස 06 කදී පුද්ගල මරණ 12 ක්

වික්ටෝරියා ගිලන් රථ සේවයට යෝජනා කල වැඩිදියුණු කිරීම් මෙතෙක් සිදුකර නොමැති බව අනාවරණය වනවා.

හදිසි උපකාර පතා ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන කාලය අවම කරගැනීම ඉන් ප්‍රමුඛ බව සඳහන්.

ගිලන් රථ පැමිණීම පමාවීම හමුවේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගල මරණ 12 ක් වාර්තා වී තිබෙනවා.

ඇතැමුන් අවස්ථා 10 කට වැඩි සංඛ්‍යාවක් 000 අමතා ඇතත් ප්‍රතිචාර නොදක්වා ඇති බවටද චෝදනා එල්ලවනවා.

මෙම ගැටලු පිළිබඳ අවධානය යොමුකර වික්ටෝරියා ප්‍රාන්ත රජය මීට මාස කිහිපයකට පෙර නිර්දේශ මාලාවක් ඉදිරිපත් කල නමුත් ඉන් බහුතරයක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව සඳහන්.

https://www.9news.com.au/national/triple-zero-system-upgrade-yet-to-begin-amid-victorias-ambulance-crisis/21d98f71-0657-4e60-8352-d0cc12bac31f

COMMENTS