කොවිඩ් ගැන ඔස්ටේ්‍රලියාව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීමට රාජකීය කොමිසමක්

කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කිරීම සඳහා රාජකීය කොමිසමක් පිහිටුවන ලෙසට සෙනෙට් කමිටුවක් විසින් නිර්දේශ කර තිබෙනවා.

ලේබර් පක්ෂය මෙහි මූලිකත්වය ගෙන ඇති අතර එම සෙනට් කමිටුවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ ගණන 19 ක්.

වසංගත සූදානම පිළිබඳව මධ්‍යම රජය සෑම වසර දෙකකට වරක් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවශ්‍ය වීම ඉන් ප්‍රධාන නිර්දේශයක් වනවා.

රෝග පාලනය සඳහා ඔස්ටේ්‍රලියානු මධ්‍යස්ථානයක් පිහිටුවීම තවත් යෝජනාවක්.

Aged care සඳහා කොවිඩ් 19 බලපෑම පිළිබඳ විශේෂඥ සමාලෝචනයක් කිරීම අදාළ කමිටුවේ අනෙකුත් නිර්දේශ අතරට ඇතුළත් වනවා.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »