ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

පවතින ආර්ථීක අර්බුදය හමුවේ පීඩාවිඳින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තමිල්නාඩුවේ තුත්තුකුඩිහි යාචකයකු ඉන්දීය රුපියල් විසිදහසක මුදලක් එක්රැස් කරගෙන තිබේ.

මෙම මුදලේ ශ්‍රී ලංකා වටිනාකම රුපියල් අසූ තුන්දහසකට ආසන්නය.

තූත්තුකුඩි ආලංකිනරු පදිංචි පූල්පාන්ඩි නමැති යාචකයකු මෙලෙස මුදල් එක්රැස්කරගෙන ඇති අතර ඔහු එම මුදල් මධුරාසියේ දිසාපතිවරයා වෙත භාරදී ඇත.

කොරෝනා කාලයේදී ද ආහාර පාන ගැනීමට අපහසුවෙන් සිටි ජනතාව වෙනුවෙන් මෙම යාචකයා සිඟමන් යැද මුදල් පරිත්‍යාග කර ඇත.

ඔහු 2020 වසරේදී දෙමළ වැඩසටහනකට එක්වෙමින් පවසා ඇත්තේ මම වගේ කිසිවකුත් සිඟමන් යදින්න එපා. මට සිඟමන් යැදලා දුගී දුප්පත් අයට උදව් කරන්න පුළුවන්. මම සල්ලි වලට ආස නැති මනුස්සයෙක්. ඒ හින්දා මම පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා යනුවෙනි.

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »