
වසර 02 කට පමණ පසු පර්ත් සහ ඉන්දුනීසියාවේ බාලි අතර සෘජු ගුවන් ගමන් අද ආරම්භ වුණා.
පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට නිරෝධායනයකින් තොරව ඉන්දුනීසියාවට ඇතුලුවීමට මෙහිදී අවසර හිමිවනු ඇති.
කෙසේවෙතත් ඔවුන් ගුවන් ගමන්ට පැය 48 කට පෙර සෘණාත්මක පී සී ආර් වාර්තාවක් ලබාගත යුතු වනවා.

එමෙන්ම බාලි වෙත පැමිණිමෙන් පසු 03 වන දිනයේදී යළිත් පී සී ආර් පරීක්ෂණයකටද ඔවුන් යොමුවීම අනිවාර්යයි.
මීට සති කිහිපයකට පෙර මෙල්බන් සහ බාලි අතර සෘජු ගුවන් ගමන්ද ආරම්භ කෙරුණා.

සිඩ්නි සහ බ්‍රිස්බන් සිට බාලි දක්වා සෘජු ගුවන් ගමන්ද ඉදිරි සති වලදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.