
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කලේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කරගෙන පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසනු ලැබූ බවද සඳහන්.

COMMENTS