
ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 40 ට අඩු වයස් ඛාණ්ඩයේ සැළකිය යුතු පිරිසක් බූස්ටර් එන්නත ලබාගැනීමට කැමැත්තක් නොදක්වන බව කොවිඩ් කාර්ය සාධක බලකාය පවසනවා.
එහි අණදෙන නිලධාරීවරයා සෙනෙට් සභාවක් හමුවේ සඳහන් කලේ පුද්ගලයන් නව කොවිඩ් ප්‍රභේද සඳහා තවදුරටත් බිය නොවිම ඊට හේතුව බවයි.
මේ අතර කැස්සෙහි ශබ්දය මගින් කොවිඩ් වෛරසය හඳුනාගත හැකි නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් නිර්මාණයට ඔස්ටේ්‍රලියානු ආයතනයක් සමත්වී තිබෙනවා.

ඒ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ද සහයෝගය ඇතිවයි.
ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ රෝගීන් 741 දෙනෙකුගේ නියමු සායනික පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයන් 92% ක් නිවැරදිව හඳුනාගැනීමට ඊට හැකියාව ලැබුණු බවයි එම සමාගම සඳහන් කලේ.

COMMENTS