ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමෙරිකානු ජාතිකයින් සඳහා එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 3වන අදියරේ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සහ ගෘහස්ත ගෑස් මෙන්ම ඇතැම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකට මුහුණ දී ඇති බවය.
මේ හේතුවෙන් රටේ විරෝධතා ඇතිවී තිබෙන බවද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
දිවයින පුරා දිනපතා සැලසුම් කළ විදුලිය ඇනහිටීම් මෙන්ම සැලසුම් නොකළ විදුලිය ඇනහිටීම් ද සිදුවන බවත් පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද අවදානයෙන් පසුවිය යුතු බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.
SOURCE :
Updated travel advisory for Americans in Sri Lanka to reflect the impact of SL’s economic & political challenges on travelers. Please note the overall level of the advisory remains at Level 3 & the terrorism language has stayed consistent since April 2019. https://t.co/c1flM652fO
— U.S. Embassy Colombo (@USEmbSL) April 7, 2022