දිනපතා COVID මරණ වාර්තා කිරීමෙන් ඉවත් වන ලෙස ඔස්ට්‍රේලියා ප්‍රධාන වෛද්‍ය නිලධාරී දන්වයි

දිනපතා COVID-19 මරණ සංඛ්‍යා වාර්තා කිරීමෙන් ඉවත් වන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Paul Kelly උපදෙස් දී තිබේ.

ඔස්ට්‍රේලියාව තවත් කොවිඩ් මරණ 30 ක් අද දිනයේදී වාර්තා කළේය.

ඊට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 16ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් මරණ 4 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් මරණ 7 ක්ද ඊට ඇතුලත්.

දකුණු ඔස්ට්‍රේලියාවෙන් 3 ක්ද බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 3 ක්ද ඊට ඇතුලත්වේ.

මේ අතර දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය රජය “කොවිඩ් එන්නත් වැඩි කිරීම සහ රෝහල් ගතවීම අඩු කිරීම” සඳහා එන්නත් සායන කිහිපයක ක්‍රියාකාරී කාල රාමුව දීර්ග කර ඇත.