ඡන්දය ප්‍රමාද කරන බවට ඇල්බනීස්ගෙන් අගමැතිට චෝදනා

ෆෙඩරල් මැතිවරණය කැඳවන තුරු නොඉවසිලිමත්ව බලා සිටින බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

තමා පමණක් නොව සමස්ත රටවාසීන්ම එය අපේක්ෂාවෙන් සිටින බවයි ඔහු කියාසිටියේ.

මැතිවරණය කැඳවිමකින් තොරව අගමැති ස්කොට් මොරිසන් බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකරමින් සිටින බවටද විපක්ෂ නායකවරයා චෝදනා කලා.

ෆෙඩරල් මැතිවරණය මැයි මාසයේ පැවැත්වෙනු ඇති බවට අනාවැකි පළවී ඇතත් නිශ්චිත දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්වී නැහැ.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-floods-weather-russia-ukraine-latest-headlines-april-7-2022/fb9bc2f7-2888-4009-95f1-0f01dd3a6e79#post=50c0304e-f615-401e-ac72-d39c8d3af858

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »