
Scam ඝණයට අයත්වන කෙටි පණිවිඩ ජංගම දුරකථන ග්‍රාහකයාට ලැබීමට පෙරම block කරන නව වැඩපිළිවෙලක් Telstra සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.
කොවිඩ් වසංගතයත් සමග තමන්ට ලැබෙන ඝණයට අයත් කෙටි පණිවිඩවල ඉහළයාමක් දක්නට ඇති බවටයි පාරිභෝගිකයන් විසින් පැමිණිලි කර ඇත්තේ.
මේ අනුව මුදල් වංචා කිරීම් – විවිධ වෙළඳ දැන්වීම් සම්බන්ධ කෙටි පණිවිඩ Telstra පාරිභෝගිකයන්ට ලැබීම අඩු වනු ඇති අතර කිසියම් අයෙකුට අවශ්‍ය නම් ඒවා තවදුරටත් ලබාගැනීමට වුවද ප්‍රතිපාදන හිමිවනවා.

සැක සහිත අඩංගු කෙටි පණිවිඩ මෙහිදී සෘජුවම අවහිර කෙරෙනු ඇති.
Telstra සමාගම නිවේදනය කරන්නේ පාරිභෝගිකයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම ප්‍රධානම අරමුණ බවයි.
