වික්ටෝරියා වසංගත තත්වය තවත් මාස 03 කට දීර්ඝ කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත තත්වය තවත් මාස 03 කට දීර්ඝ කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි මාස 03 සඳහාද එය බලාත්මක වන බවයි.

නැවත වරක් කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හරහා මහජන සෞඛ්‍යයට එල්ලවී ඇති බලපෑම සැළකිල්ලට ගෙනයි මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත්තේ.

සෞඛ්‍ය සේවකයන්ට රෝග පාලන කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා මෙමගින් ප්‍රතිපාදන හිමිවන බව ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.

ඔහු සඳහන් කලේ ප්‍රාන්ත සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උපදෙස් මත මෙම දීර්ඝ කිරීම සිදුකල බවයි.

https://www.9news.com.au/national/pandemic-declaration-extended-in-victoria-for-another-three-months-by-premier-daniel-andrews/335fcbda-2283-44b8-be7b-9e2d9fce451b

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »