ෆෙඩරල් මැතිවරණය හෙට කැඳවයිද ? ඡන්ද දිනය ගැන අලුත් ඉගියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ෆෙඩරල් මැතිවරණය හෙට කැඳවයිද ? ඡන්ද දිනය ගැන අලුත් ඉගියක්

ෆෙඩරල් මැතිවරණය හෙට කැඳවයිද ? ඡන්ද දිනය ගැන අලුත් ඉගියක්

ෆෙඩරල් මැතිවරණය පවත්වන දින වකවානු සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු මාධ්‍ය නවතම වාර්තාවක් පළකර තිබෙනවා.

හෙට දිනයේදී මැතිවරණය කැඳවනු ඇති දැයි අද පෙරවරුවේ පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් අගමැති ස්කොට් මොරිසන්ගෙන් විමසීමක් කර තිබෙනවා.

හැකි ඉක්මණින් ඡන්දය කැඳවන බවයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ.

පවතින තත්වය යටතේ මැතිවරණය පැවැත්වෙනු ඇති බවට වඩාත් සුදුසුම දිනය ලෙස පුරෝකථනය වී ඇත්තේ මැයි 21 වනදායි.

ඡන්දය කැඳවා අවම වශයෙන් දින 33 ක් ගතවීමෙන් පසුවයි මැතිවරණ දිනය පැවැත්විය යුතු වන්නේ.

කෙසේවුවද අප්‍රේල් 18 වනදාට පෙර මැතිවරණය කැඳවිය යුතු වනවා.

https://www.9news.com.au/national/federal-election-date-2022-when-will-it-take-place-this-year/bc551fd0-a463-46c1-b6f9-bcdb7ab34ed5

COMMENTS