Search

ලංකාවේ අපේ කෙනෙක් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට තරග කරයි

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් සේවයක් ඉටුකල අයෙකු මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට වික්ටෝරියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී තිබෙනවා.

ඒ හෝල්ට් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයෙන් රන්ජ් පෙරේරා මෙවර ෆෙඩරල් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමගයි.

රන්ජ් පෙරේරා නියෝජ්‍ය ඇමති Jason wood සහ අගමැති scott morrison සමග ශ්‍රී ලාංකීය ප්‍රජාවට සේවාවන් රැසක් ඉටු කර තිබෙනවා.

බෞද්ධ විහාර – හින්දු කෝවිල් වැනි ස්ථාන සඳහා ආධාර සැපයීමද ඊට අයත්.

බෙරික් පංසල සඳහා ඩොලර් 780,000 ක් – ඩැංඩිනොන් පංසල සඳහා ඩොලර් 465,000 ක් – මහමෙව්නා අසපුව සඳහා ඩොලර් 360,000 ක් මෙන්ම කිංස්බරෝ පංසල සඳහා ඩොලර් 130,000 ක් ලබාදීමද ඊට අයත්.

එමෙන්ම හිංදු කෝවිල් සංවර්ධනය සදහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 2 ක මූල්‍යමය ආධාර ලබාදීමද තවත් සුවිශේෂී කරුණක්.

ලාංකිකයන් සමග නිරතුරුව සාකච්ඡා කර සිය අදහස් බෙදා ගැනීමටද රන්ජ් පෙරේරා සූදානමින් සිටිනවා.