
ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවරක් තබමින් අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය සමග එක්ව හයිපර්සොනික් මිසයිලයක් නිපදවීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.
ශබ්දයේ වේගයට වඩා 05 ගුණයක වේගයෙන් ගමන්කල හැකි මෙම මිසයිලයට පැයට කිලෝමීටර් 6000 ක වේගයකින් ගමන් කල හැකි වනවා.
පැසිෆික් සාගරයේ චීන ක්‍රියාකාරකම් ඉහළ යාම සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඔස්ටේ්‍රලියාව අප්‍රසාදය පළකර ඇති වාතාවරණයකදී මෙම තීරණය ප්‍රකාශයට පත්වීමද විශේෂත්වයක්.

අගමැති ස්කොට් මොරිසන් විසින් අද පෙරවරුවේ මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කලේ අමෙරිකා සහ බ්‍රිතාන්‍ය රාජ්‍ය නායකයන් දෙදෙනාද සමග ඒකාබද්ධවයි.
රටවල් 03 අතර පොදු ආරක්ෂක සන්ධානයක් ඇතිකර ගනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් මාසයේදියි.
