යුධ හමුදා – පොලිස් බහින්බස්වීම ගැන විමර්ශන – AusLanka TV – Australian News for the Sri Lankan community

යුධ හමුදා – පොලිස් බහින්බස්වීම ගැන විමර්ශන

යුධ හමුදා – පොලිස් බහින්බස්වීම ගැන විමර්ශන

පාර්ලිමේන්තු සංකීර්ණය අසළදී පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු හා හමුදා සාමාජිකයන් පිරිසක් අතර ඇතිවූ මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

ඊයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරයි මෙම සිදුවීම වාර්තාවී තිබුණේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ ඔවුන් අතර කිසියම් බහින්බස්විමක් සිදුවී තිබුණා.

එම හමුදා නිළධාරීන්ට එරෙහිව යුධ හමුදාපතිවරයා විසින් විමර්ශනයක් සිදුකර ඇති අතර අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලීමක් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද මේ බව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇත්තේ මේ සඳහා වහාම පියවරක් ගන්නා ලෙසයි.

COMMENTS