වරායෙන් ඩොලර් හා රත්‍රං කන්ටේනරයක් පැටෙව්වාද ? – AusLanka TV – Australian News for the Sri Lankan community

වරායෙන් ඩොලර් හා රත්‍රං කන්ටේනරයක් පැටෙව්වාද ?

වරායෙන් ඩොලර් හා රත්‍රං කන්ටේනරයක් පැටෙව්වාද ?

කොළඹ වරායේ ජය බහලූ පර්යන්තයේ සිදු වූ බහලූ මෙහෙයුමක් සම්බන්ධයෙන් සාවද්‍යය තොරතුරු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය – ශ්‍රී ලංකා රේගුව සහ පොලිසිය අවධාරණය කරනවා.

එම වීඩියෝවේ ඇතුළත් බහලූ මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකරන විනාශ කිරීම සඳහා

ඉවත් කරන විකිරණශීලී ද්‍රවය නැවත අපනයනය කිරීමක් බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කලේ.

එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්යය බලකාය ස්ථානගත කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බවද එම නිවේදනයේ දැක්වෙනවා.

මේ නිසා අදාළ වීඩියෝව සමග හුවමාරුවන ව්‍යාජ තොරතුරු වලට මුලා වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය රටේ මහජනතාවටද දන්වා සිටිනවා.

COMMENTS