
අප්‍රේල් 14 වන දින අලූයම 01 සිට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් නීති ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව විවිධ උත්සව අවස්ථාවලදී එන්නත්කරණ තත්වය තහවුරු කිරීමට හෝ Check-In වීම ක්වීන්ස්ලන්ඩ්වාසීන්ට අනිවාර්ය වන්නේ නැහැ.
කෙසේවෙතත් ප්‍රාන්තයට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට එම නීති තවදුරටත් බලාත්මක වනු ඇති.

මේ අතර ලබන 17 වනදා සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට නැවතත් නැව් ගමන් ආරම්භ කිරීමට අවසර හිමිවනවා.
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ පාසල් සඳහා පැවති කොවිඩ් නීති ලිහිල් කිරීමක්ද එදින සිට බලාත්මකයි.
