
එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මිලදී ගන්නට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
එංගලන්ත පවුම් ලක්ෂයකට එම කණ්ඩායම විසින් වනිඳුව මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔන්ඩ්‍රි රසල් සහ ෂෝන් ඇබට් යන විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාද මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමට ඇතුළත්.

2022 Hundred තරගාවලිය එළඹෙන අගෝස්තුවේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.
මෙවර තරගාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයින් 285ක් සහ දේශීය ක්‍රීඩකයින් 250ක් ඇතුළුව සමස්ත ක්‍රීඩකයින් 585ක් කෙටුම්පත් සඳහා ලියාපදිංචි වී තිබුණා.

ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියට ඇතුළත් අනෙකුත් කණ්ඩායම් වන්නේ බර්මිංග්හැම් ෆීනීක්ස් – ලන්ඩන් ස්පිරිට් සහ සුපර් නොදර්න් චාර්ජරස් යන කණ්ඩායමුයි.