Search

113 පෙන්වන අයට ආණ්ඩුව දෙන්න ජනපති සූදානම්

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන ඕනෑම කෙනකුට ආණ්ඩු බලය ලබා දීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

තමාට අවශ්‍ය රට අස්ථාවර නොකිරීමට බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ප්‍රකාශ කර ඇත්තේ මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව ආණ්ඩුව කෙරෙහි වෛරයකින් පසුවන බවයි.

අර්බුදය ආරම්භ වුයේ පොහොර ප්‍රශ්නය හේතුවෙන් බවත්,එය දිගින් දිගටම ගොස් ආණ්ඩුව කෙරෙහි වෛරයක් දක්වා වර්ධනය වූ බවත් ,එම මැති ඇමැතිවරුන් පෙන්වා දී තිබෙනවා.

කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී චමල් රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ යන මහත්තරුන්ට ඇමතිධුර ලබා නොදෙන බවද අගමැති මහින්ද රාජපක්ෂ එහිදී සඳහන් කර තිබෙනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »