රුසියාවට සුඛෝපභෝගී භාණ්ඩ රැසක් අපනයනය අත්හිටුවමින් ඔස්ටේ්‍රලියාව විසින් නව නියෝගයක් පණවා තිබෙනවා.
ඒ අනුව වයින් – රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ අධි සුඛොපභෝගී රථවාහන රුසියාවට යැවීම තහනම් වනු ඇති.
විදේශ ඇමතිනී මරිස් පේන් සඳහන් කලේ යුක්රේනයට එරෙහිව රුසියාව විසින් සිදුකරන යුධ මෙහෙයුම් හමුවේ මෙම තීරණය ගත් බවයි.
රුසියාවට දැඩි සම්බාධක පණවා ඇති රටවල් අතරට ඔස්ටේ්‍රලියාවද අයත් වනවා.
එමෙන්ම යුක්රේනයට වැඩිම ආධාර දුන් රටවල් අතරටද ඔස්ටේ්‍රලියාව අන්තර්ගතයි.
https://www.foreignminister.gov.au/minister/marise-payne/media-release/luxury-exports-ban-russia