
ඉහළ යන පෙට්‍රල් මිළ හමුවේ මෙල්බන් නගරයේ රියදුරන්ට සතියකට ඉන්ධන වියදම් සඳහා ඩොලර් 230 ක පමණ මුදලක් දැරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා.
2020 වසරේදී සතියක ඉන්ධන වියදම ඩොලර් 80 ක් ලෙසයි පැවතුණේ.
කෙසේවෙතත් මේ වනවිට දිනකට ඩොලර් 47 ක් පමණ ඉන්ධන සඳහා වියදම් කිරීමට ඔවුන්ට සිදුවී ඇතැයි සඳහන්.

පවතින තත්වය හමුවේ විශාල පිරිසක් පුද්ගලික වාහන භාවිතයෙන් ඉවත්ව පොදු ප්‍රවාහනය වෙත යොමුවී ඇති බවද පසුගියදා වාර්තා වුණා.
