ඇවන්ගාඩ් ලොක්කා – පවුලේ අය රට යයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බව තොරතුරු වාර්තා වනවා.

මොවුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් ඊයේ පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් තිබනවා.

එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක වී නැතැයිද වාර්තා වනවා.

එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක අංශ ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »