සිඩ්නි වාහන නැවතුම් ස්ථානවල නීති කඩ කරන්නේද සොයාබැලීමට කැමරා සහිත නව මෝටර් රථ – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි වාහන නැවතුම් ස්ථානවල නීති කඩ කරන්නේද සොයාබැලීමට කැමරා සහිත නව මෝටර් රථ

සිඩ්නි වාහන නැවතුම් ස්ථානවල නීති කඩ කරන්නේද සොයාබැලීමට කැමරා සහිත නව මෝටර් රථ

සිඩ්නි නගරයේ වාහන නැවතුම් ස්ථානවල (Parking) නීති කඩ කරන්නේද යන්න පිළිබඳ සොයාබැලීමට කැමරා සහිත නව මෝටර් රථ යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

වාහන වල අංක තහඩු සෘජුවම ස්කෑන් කල හැකි තාක්ෂණයකින් එම මෝටර් රථ සමන්විත බව සඳහන්.

සිඩ්නි නගරයේ නාගරික කවුන්සිල බල ප්‍රදේශ 02 ක පළමුවෙන් මෙය අත්හදා බැලීමේ වැඩපිළිවෙලක් ලෙස ආරම්භ කෙරෙනු ඇති.

මාර්ග නීති කඩ කරන පුද්ගලයන් හඳුනාගැනීමට දැනට සිඩ්නි නගරයේ පිහිටුවා ඇති ස්ථාවර කැමරා සංඛ්‍යාව 2300 ක්.

පසුගිය වසර 02 තුළදී රථවාහන කැමරා හරහා හඳුනාගත් වැරදි සඳහා සිඩ්නි නගරයේදී නිකුත් කර තිබූ දඩ ප්‍රමාණය ඩොලර් ලක්ෂ 05 සිට මිලියන 05 දක්වා ඉහළ ගොස් තිබුණා.

https://www.9news.com.au/national/nsw-new-surveillance-cars-being-used-to-monitor-parking-offences/03f29fc0-63c8-4e75-a3a6-41849a4865f6

COMMENTS