ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඡන්ද ප්රචාරණ වැඩසටහන් වෙනුවෙන් “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය නිර්මාණය කළ ජනප්රිය සංගීත අධ්යක්ෂකවරයෙක් වන පසන් ලියනගේ ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ සදහන් කර තිබෙනවා.
තමන් කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදෙන බවත්, ගීතයක් නිසා අපහසුතාවයට පත් වුනා නම් සමාවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහුගේ සටහනේ සදහන්.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ‘වැඩ කරන අපේ විරුවා’ නම් අතිශය ජනප්රිය වූ ගීතයේ රචකයා සහ නිර්මාණකරු වන්නේ ඔහුය.
source :