VPN තිබියදි සමාජ මාධ්‍ය තහනම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් : නාමල් – AusLanka TV – Australian News for the Sri Lankan community

VPN තිබියදි සමාජ මාධ්‍ය තහනම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් : නාමල්

VPN තිබියදි සමාජ මාධ්‍ය තහනම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් : නාමල්

වී පී එන් වැනි තාක්ෂණික පහසුකම් තිබියදි සමාජ මාධ්‍ය තහනම ඵල රහිත නිෂ්ඵල ක්‍රියාවක් බව ඩිජිටල් විශය භාර අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ පවසනවා.

තමාද වී පී එන් තාක්ෂණය භාවිත කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කලේ.

සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් තමාගේ කිසිදු සහයක් නොමැති බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කලා.

අදාළ තීරණය වඩාත් ඵලදායීව නැවත සිතා බලන ලෙසටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගිකයන්ට විදුලි කප්පාදු පිළිබඳ තොරතුරු දැනුම්දීමට අපහසුවී ඇති බැවින් වහා සමාජ ජාල තහනම ඉවත් කරන ලෙසයි.

COMMENTS