සිවිල් ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප – AusLanka TV – Australian News for the Sri Lankan community

සිවිල් ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප

සිවිල් ක්‍රියාකාරී තිසර අනුරුද්ධ බණ්ඩාරට ඇප

අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී විශ්වවිද්‍යාල ශිෂ්‍ය තිසර අනුරුද්ධ බණ්ඩාර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රී ඔහු අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගැනුණු තිසර අනුරුද්ධ ඊයේ පස්වරුවේ මෝදර පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ රඳවා සිටියා.

ඔහු අත්අඩංගුවට ගැනුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේයි. කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා මධ්‍යම රාත්‍රියේ තිසර අනුරුද්ධ බණ්ඩාර ගම්පොල, ඇත්ගාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහු ඊයේ පස්වරුවේ මෝදර පොලිස් ස්ථානයේ රැගෙනවිත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් එහි රඳවා තිබුණා.

COMMENTS