
ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත් හිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තහවුරු කලා.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියාසිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට තුළ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අවහිර කෙරුණු බවයි.
ඒ අනුව මේ වනවිට ෆේස්බුක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රම්, ටෙලිග්‍රෑම්, වට්ස් ඇප් සහ ට්විටර් යන සමාජ ජාල වෙත පිවිසීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

කෙසේවෙතත් බොහෝ දෙනා VPN තාක්ෂණය යොදාගෙන සමාජ ජාල වෙත පිවිසී සිටිනවා.
අද (03) වනදා රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට සූදානම්ව තිබියදී ජනාධිපතිවරයා විසින් රට තුළ ඇඳිරි නීතියද පණවනු ලැබුවා.

එය හෙට උදාසන 06 ට අවසන්වීමට නියමිතයි.
COMMENTS