ශ්‍රී ලංකා ජනපති, පොදු ස්ථානවල සිටීමත් තහනම් කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකා ජනපති, පොදු ස්ථානවල සිටීමත් තහනම් කරයි

ශ්‍රී ලංකා ජනපති, පොදු ස්ථානවල සිටීමත් තහනම් කරයි

හෙට පෙරවරු 6 දක්වා පොදු ස්ථානවල ජනතාව ගැවසීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව අදාළ කාලය තුල කිසිම පුද්ගලයෙකු පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ නොසිටිය යුතු බවටයි එම ගැසට් නිවේදනය මගින් නියෝග කර ඇත්තේ.

කෙසේවෙතත් ආරක්ෂක අමාත්‍යංශය හෝ ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යංශය හෝ පොලිස්පති හෝ ඔවුන් විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ අදාළ ස්ථානවල සිටිය හැකි වනවා.

source – PMD

COMMENTS