මෙල්බන් කසළ සේවක හිගයක්

මෙල්බන් නගරයේ නාගරික බල ප්‍රදේශ රැසක ගතවූ දිනවලදී නිසි ලෙස කසළ එක් රැස්කර නොමැති බවට අනාවරණය වනවා.

ඒ අදාළ නගර සභා සතුව ප්‍රමාණවත් සේවකයන් නොමැතිවීම හේතුවෙනුයි.

මේ අනුව Pascoe Vale, Fawkner, Pakenham ආදී ප්‍රදේශ ගණනාවක නිවෙස් ඉදිරිපට කසළ එක් රැස්ව ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් මෙලෙස වැඩි වශයෙන් බැහැර කර නොමැත්තේ දිනපතා එක් රැස්වන කසළ නොව නිවෙස්වල භාවිතයෙන් පසුව ඉවත දමන ගෘහ භාණ්ඩ – මෙට්ට – විදුලි උපකරණ වැනි ද්‍රව්‍ය බවද සඳහන්.

එම ද්‍රව්‍ය ඇතැම්විට මාසිකව හෝ වාර්ෂිකව ඉවත් කෙරුණද එම දින වකවානු ඉක්මවා ගොස් ඇති බවද වාර්තා වනවා.

https://www.9news.com.au/national/victoria-council-rubbish-collection-crisis/1b11cb1a-a2ff-4439-8733-72d1f94d7023

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »