Search

ශ්‍රී ලංකාව හදිසි නීතිය ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකාව තුළ මහජන හදිසි තත්වයක් එනම් දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදියි එය නිකුත් කර ඇත්තේ.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යෑම සඳහා එය අවස්ථානුකූල බවටයි ජනාධිපතිවරයා අපේක්ෂා කර සිටින්නේ.

ඒ අනුව තමාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම හදිසි නීති තත්වය පණවා තිබෙනවා.

එය සමස්ත දිවයින පුරාම ක්‍රියාත්මක වනු ඇති.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »