
විධානයන්ට අනුකූල නොවූ තවත් මුදල් හුවමාරු ආයතන 02 කට ශ්‍රී ලංකා මහ බැංකුව අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.
කොළඹ කොටුවේ සහ වැල්ලවත්තේ පිහිටා ඇති එක්තරා සමාගමකටත් – වැල්ලවත්තේම පිහිටා ඇති තවත් ආයතනයකටත් මෙලෙස අවවාද කල බවයි මහ බැංකුව නිවේදනය කලේ.
මෙම මුදල් හුවමාරු ආයතන විසින් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවට තහවුරු වී තිබෙනවා.

එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගත් බව මහ බැංකුව කිතුත් කර ඇති නිවේදනයක සඳහන්.
ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත මුදල් හුවමාරු කරන්නන්හට අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇති.