බටහිර ඔස්ටේ්‍රලියා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කර මුදල් ජාවාරමක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කර සිදුකරන මුදල් ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවී තිබෙනවා.

දැනටමත් පුද්ගලයන් 10 දෙනෙකුගෙන් පමණ ඩොලර් 130,000 ක මුදලක් වංචාකරුවන් විසින් ලබාගෙන ඇති බවයි අනාවරණ වන්නේ.

විශේෂයෙන් ඔන්ලයින් ක්‍රම මගින් රැකියා සොයාගෙන යාමේදී හමුවන විවිධ දැන්වීම්වලට රැවටීමෙන් වළකින්නැයි බළධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

එවැනි දැන්වීම් වල අඩංගු විවිධ ගිණුම් අංකවලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසටත් ඉල්ලීමක් කෙරෙනවා.

ඇතැම් පුද්ගලයන් රැකියා ලබාදීම සඳහා ඩොලර් 5000 ක් වැනි ඉහළ මුදල් පවා ඉල්ලා සිටින බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා.

රැකියා ලබාදීම සඳහාම වෙන්වී ඇති වෙබ් අඩවි හා සමාන ආකාරයෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවි හරහා මෙම මුදල් ජාවාරම් සිදුකෙරෙන බවද සඳහන්.

https://www.9news.com.au/national/wa-job-seekers-fleeced-of-cash-by-employment-scam/9132c8df-35cc-4e1e-b5f6-337be713d44c

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »