විපක්ෂ නායකගේ අයවැය චෝදනාවලට අගමැතිගෙන් උත්තර

මෙවර ෆෙඩරල් අයවැය සම්බන්ධයෙන් විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් ඉදිරිපත් කරන චෝදනා පිළිගත නොහැකි බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

පාලනයක් ගෙන යාමට තරම් අත්දැකීම් නොමැති බව ඔහු එමගින් පෙන්නුම් කර ඇති බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

මෙවර ෆෙඩරල් අයවැය මැතිවරණ පොරොන්දු මාලාවක් පමණක් බවට විපක්ෂ නායක ඇල්බනීස් ඊයේ දිනයේදී චෝදනා කලා.

සිඩ්නි නුවර අද පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැති මොරිසන් අවධාරණය කලේ අයවැය ලේඛණයේ ඇතුළත් දීර්ඝකාලීන යෝජනා පිළිබඳ කිසිදු වැටහීමක් විපක්ෂ නායකවරයා සතුව නොමැති බවයි.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-floods-weather-russia-ukraine-latest-headlines-april-1-2022/85f08e29-25d7-4a5d-ac8e-17a04c24935a#post=c584e601-dcde-44aa-b8f0-efc2bfbf9b8d

නවසීලන්තයේ කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට රන් පදක්කම් 3ක්

නවසීලන්තයේ පැවති කාය වර්ධන තරගාවලියකින් එරට සිටින ශ්‍රී ලාංකික තරුණයෙක් වන සුලාර ධනුක මාලිංග පදක්කම් රැසක් දිනාගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »